Goodbye, Windows Phone!

Windows  මෙහෙයුම් පද්දතිය ලොව ජනප්‍රියම Desktop මෙහෙයුම් පද්දතිය ලෙස ජන ප්‍රසාදය දිනාගෙන තිබෙන බව ඔබ අප සැම දෙනාම දන්නා කරුණක්.ලංකාවේ නම් Windows හැරෙන්නට වෙනත් කිසිම මෙහෙයුම් පද්ධතියක් භාවිතා වෙන්නේ නැති තරමටම ජනප්‍රිය වෙලා තියෙනවා.ලොව පුරා නිෂ්පාදනය වන සැම Software  එකක්ම Hardware  එකක්ම  Windows  මෙහෙයුම් පද්ධනියට  compatible වෙන්න (ගැලපෙන්න) නිෂ්පාදනය කිරීම මෙය ජනප්‍රිය වෙන්න තවත් හේතුවක් විදියට සලකන්න පුළුවන්.

gsmarena_304

ඉතින් මෙවැනි ජනප්‍රියත්වයක් හිමි කරගෙන තිබෙන  Microsoft  සමාගමේ  Windows මෙහෙයුම් පද්ධතිය  Mobile Phone  මෙහෙයුම් පද්ධති නිෂ්පාදන කර්මාන්තයටත් අතගහන්න දෙපාරක් හිතන්නේ නැති වෙන එක පුදුමයට කරුණක් නෙමෙයි.කොහොම උනත් Windows Phone  මෙහෙයුම් පද්ධතියට එතරම් හොඳ කලක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේදී හිමි උනේ නැහැ.විශේෂයෙන්ම Nokia  වැනි ජංගම දුරකත ක්ෂේත්‍රයේ සදාකාලික රජු ලෙස නමක් දිනාගෙන තිබු සමාගම් පවා බංකොලොත්භාවයට පත් වීමට Windows Phone මෙහෙයුම් පද්දතිය වක්‍රාකාරයෙන් හේතු වී තිබුනා.කෙසේ උනත් විවිදාකාර බාදා මධ්‍යයේ මෙතෙක් දුරට පැමිණි Windows Phone 8.1 ලෙස නම් කල අවසන් සංස්කරණයත් අද දිනයේ පටන් ඇත හැර දැමෙන බව මීට සුළු මොහොතකට පෙර Microsoft සමාගම නිල වශයෙන් ප්‍රකාශ කලා.

මෙම Window Phone 8.1  මෙහෙයුම් පද්ධතිය අතහැර දැමීම Windows Phone  මෙහෙයුම් පද්දතියේ අවසානය  ලෙස බොහෝ දෙනා අරථකථනය කරනවා.2014 ජුලි 11 වන දින නිකුත් කල Windows 8.1  මෙහෙයුම් පද්ධතිය පුරා වසර 3ක් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ රැදී සිටියා .මෙය අනෙකුත් ජංගම දුරකත හා සසන්දීමෙදී ඉතා කෙටි කලක් උනත්, මෙහි විශේෂාංග ලෙස කොර්ටානා පුද්ගලික සහකරු,ඉතා උසස් කැමරා App එක , Word Flow keyboard එක පරිශීලකයන් අතෙරේ ඉතා හොඳ තැනක් දිනාගෙන තිබුනා.කෙසේ නමුත් Android හා IOS හි විශේෂාංග වලට තර්ජනයක් වෙන්නේ Windows  හට හැකියාවක් ලැබුනේ නැහැ.download

කෙසේ නමුත් වින්ඩොව්ස් හට තිබුණු මුඋලිකම පැමිණිල්ලක් නම් Windows වල පැවතී තුන් වන පාර්ශවයේ මෘදුකාංග වල හිඟකමයි.බොහෝ Developers ලා Windows  වෙනුවෙන් මෘදුකාග ලිවීමට පවා පෙළඹුනේ නැහැ.අනික් කාරනාව නම් Windows හි App Store  එක වෙත  Google  සමාගම පවා කිසිදු උනන්දුවක් දැක්වීමට සුදානමක් නොමැති වීමයි.විශේෂයෙන් ඔවුන්ගේ  මෘදුකාංග APPLE Store එකේ පවා පල කිරිමට උනන්දු වූ මොහොතක Google  සමාගම Windows Store  හි පල කිරීමට පල කිරීමට උනන්දුවක් දැක වුයේ නැත.මේ තත්වය වඩාත් තහවුරු වන්නේ 2016 අවසන් වෙද්දී  Windows Phone මෙහෙයුම් පද්ධති සියල්ලෙහි වෙළඳපොල කොටස හි ප්‍රතිශතය 0.3%ක පමණ ප්‍රතිශතයකට පහත වැටී තිබුනා.ඉතින් Windows Phone  හි මෙම සිදුවීමත් සමගින් ජංගම දුරකතන ක්ෂේත්‍රය  Android  සහ IOS වලට පමණක් සීමා වෙනවා.

මෙම Windows Phone මෙහෙයුම් පද්ධතිය ,Microsoft  සමාගමේ හිටපු CEO ,Steve Balmore  විසින් ආරම්භ කරපු වැඩසටහනක්.විශේෂයෙන් ඔහුට මේ පිලිබඳ විශාල උනන්දුවක් පැවතී අතර Nokia  සමාගමේ  සහ Windows සමාගමම ඔවුන්ගේ දුරකථන සඳහා මෙම මෙහෙයුම් පද්ධතිය නිකුත් කරන ලදී.කෙසේ උනත් 2014 වසරේ පෙබරවාරි මස  Microsoft  සමාගමේ නව CEO වශයෙන් තනතුරු භාර ගත් Satya Nadella , ඒ වන imagesවිටත් ආරම්භ වී තිබු ව්‍යාපෘතිය කෙරෙහි එතරම් සුභ දැයි ආකල්පයක් නොදරූ අතර ඔහුගේ අදහස වී තිබුනේ Google හා Apple සමාගමත සමග බොරු තරඟයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි.කෙසේ උනත් Microsoft  සමාගමේ මීළඟ පියවර සම්බන්දව  ආරංචියක් තවමත් නොමැති අතර Android හා IOS  සමග තරඟයට යැම ට නම් එයට විශාල පිම්මක් පැනිය යුතු  බව අපගේ විශ්වාසයයි.

 

 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s