SAMSUNG’s Ultra Wide Monitor

Monitor එක කියල කියන්නේ computer එකක් use කරන අයට නැතුවම බැරි දෙයක්.තමන් කරන කාර්යය අනුව විවිධාකාර අවශ්‍යතාවන් ඇති අයට විවිධාකාර  පහසුකම් සහිතව මෙම  Monitor  විවිධාකාර වූ සමාගම් නිෂ්පාදනය කරනවා.අද අපි මේ කියන්න යන්නේ එවැනි වගේ විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් හිතාගත නොහැකි අන්දමේ පහසු කම් සහිතව නිර්මාණය කල monitor  එකක් ගැන.

UltraWide Monitor  එකක් කියන්නේ මේ වන විට ක්‍රම ක්‍රමයෙන් ජනප්‍රියත්වයට පත් වෙන monitor විශේෂයක්.බොහෝසෙයින් gamersලා graphic Designing,Video Editing වැනි විශේෂ අවශ්‍යතාවන් සහිත,monitor කිහිපයක් එක් කාර්යක් සඳහා භාවිතා කරන පිරිස් සඳහා මේවා නිර්මාණය කර තිබෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි monitor  එකක Aspect Ratio  එක වන්නේ 21:9 ක වගේ අගයක් (සාමාන්‍ය monitor  එකක මෙම Aspect Ratio  අගය වන්නේ 16:9 වගේ අගයක්). නමුත් අද මේ අපි කියන්න යන්නේ හිතාගන්න බැරි තරම් Aspect Ratio  එකක් සහිත monitor  එකක් ගැනයි.

and-heres-what-it-looks-like-on-the-329-chg90-monitor

Samsung සමාගම පසු ගිය දා නිවේදනය කළා ඔවුන්ගේ Aspect Ratio  එක 32:9 තරම් විශාල වූ විශාල අගයක් සහිත Monitor  එකක්. මෙය ඔවුන් Samsung CHG90  ලෙස හඳුන්වනවා.   මෙය අඟල් 49 තරම් වූ සුවිශාල අගයක් වෙනවා.එමෙන්ම මෙහි මිල සඳහන් වෙන්නේ  $1,499 ලෙසටයි.සමාගම සඳහන් කරන අන්දමට මෙම Monitor එක HDR10 (High Dynamic Range) තාක්ෂනයෙන්,quantum-dot තාක්ෂණයෙන් හා  AMD සමාගමේ  FreeSync 2 තාක්ෂණයෙන් සවි බල ගන්වා තිබෙනවා.මෙහි Resolution  එක 3840 x 1080 වන   මෙම තාක්ෂනයන් හි එකතුව නිසා වඩා පැහැදිලි , realistic,වර්ණවත් සාමාන්‍ය LCD Monitor  එකකට වඩා ඉහල ගුණාත්මක බවකින් යුතු  පුළුවන් කම ලැබෙනවා .

its-curved-which-helps-keep-the-chg90s-outer-edges-in-your-peripheral-vision-without-the-curve-youd-probably-be-turning-your-head-constantly-which-could-get-uncomfortable-after-a-while
එමෙන්ම මෙහි දක්නට ලැබෙන සුවිශේෂීම අංගයක් ලෙස අංශක 178 ක viewing angle එක දැක්විය හැක.

එමෙන්ම මෙහි picture quality එක ඉතා විශාල ලෙස ඉහල නංවා අතර මෙහි Refresh rate  එක ඉහල නංවා ඇති හෙයින් Game play කරන්නන්ට හොඳ අත්දැකීමක් මේ මගින් ලබා ගැනීමට පුළුවන් බව සමාගම පවසනවා . මෙහි  Response Time  එක වාර්තා වන්නේ 144 hertz ලෙසයි.එයින් පැවසෙන්නේ  තිරයේ ඇති හැම පික්සෙල් එකකටම  තත්පරේට 144 වරක්  refresh විය හැකි බවයි. එමෙන්ම Samsung  සමාගම පවසන අන්දමට අඟල් 27 හා 32 ප්‍රමාන වලින් ද නිකුත් කිරීමට බලාපොරොත්තු වන අතරම ඒවාගේ මිල ගණන් $699 හා $599, ආකාරයට මිල වනවා.

heres-a-closer-look-at-samsungs-chg90-software
Samsung හි CHG90 මෘදුකාංගය නිසා අවශ්‍ය ආකාරයට තිරය බෙදා වෙන් කර ගැනීමට හැක.

එමෙන්ම මෙහි ඇති Samsung  CHG90 හි මෘදුකාංගය නිසා අපට ඕනෑම ආකාරයකට තිරය බෙදා වෙන් කර ගත හැක.නිදසුනක් ලෙස Game එකක් play  කරන අතරතුර වෙනත් කාර්යක් සඳහා වූ  Window  එකක් ඊට පසෙකින් open කර වැඩ කටයුතු කිරීමට  මේ නිසා අවස්තාව හිමි වේ.

ඉතින් මේ වගේම විශේෂ අවශ්‍යතාවන් වෙනුවෙන් නිෂ්පාදනය කල Monitor වර්ග රැසක් වෙළඳපොළ ට පැමිණීමට නියමිතව තිබෙන අතර ඒවා ගැන අපි මීළඟ ලිපි වලින් සොයා බලමු.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s