OnePlus 5

18920144_1130112323761238_8185062914542742720_n
මීට  සුළු මොහොතකකට පෙර OnePlus මගින් නිකුත් කල නිල දැන්වීම 

Smart Phones ගැන ටිකක් හොයන  ඕනෑම කෙනෙක්  දන්න brand name එකක් තමයි OnePlus  කියන්නේ.සාපේක්ෂව කුඩා චීන සමාගමක් වන මෙම සමාගම වඩාත් ප්‍රසිද්දියට පත්ව ඇත්තේ ඉතා අඩු මුදලකට ඉතා ඉහල වටිනාකමක් ලබා දෙන specification ගණනාවකින් යුක්ත smartphones වෙළඳ පොලට නිකුත් කිරීමෙනි.ඔවුන් මෙසේ ලබාදෙන පහසුකම් කෙතෙක්ද යත් “Flagship Killer” යන අන්වර්ථ නාමයෙන්ද මෙම OnePlus device හඳුන්වනවා.

download
OnePlus 3t

Samsung,Apple,LG,HTC වැනි smartphone industry  එකේ විශාල නමක් දිනාගෙන තිබෙන, තම නිෂ්පාදන සම්බන්දයෙන් ඉතා විශාල   අත්හදා බැලීම්, පරීක්ෂණ සිදු කරන මෙවැනි විශාල සමාගම් වලට අභියෝගයක්  වෙමින් අද වන විට මෙම සමාගම ලොව පුරා තමන්ගේම client base එකක් තනාගෙනද අවසන්.විශේෂයෙන් $800ත් $900ත් අතර පවතින ඉහත නම් කී brand වලට සාපේක්ෂව  OnePlus සමාගම $500 ක උපරිමයකට යටත්ව තමන්ගේ නිෂ්පාදන මිල කර තිබෙනවා.

“OnePlue 5” යනු OnePlus සමාගම මීලගට පැමිණෙන්නට නියමිත smartphone එකයි.ගිය වසරේ අතිශය ජනාදරයට පත් වූ OnePlus 3 සහ OnePlus 3t smartphones වලට පසු යි ඔවුන් මෙම නව නිෂ්පාදනය එලි දැක්වීමට සූදානමින් සිටින්නේ.(චීනයේ 4 යනු අසුභ ඉලක්කමක් නිසා සහ මෙම නිෂ්පාදනය ඔවුන්ගේ 5 වෙනි නිෂ්පාදනය නිසා OnePlusහි නව නිෂ්පාදනය OnePlus 5 ලෙස නම් කර තිබෙනවා) ඉතින් මෙම ලිපියෙන් පැවසීමට සුදානමින් සිටින්නේ දැනට මෙම smartphone එක පිලිබන්ඳව දැනගන්නට ලැබුණු විවිධ ආරංචියි.ඉතින් මේ කියන්න තොරතුරු වල සත්‍ය අසත්‍ය තාව පිළිබඳව 100%ක් සහතික වෙන්න අමාරුයි.කොහොම උනත් මේ කියන්න යන තොරතුරු වැරදෙන්නට තියෙන ඉඩ කඩත් බොහොම අඩු එකක් කියලත් කියන්න පුළුවන්.මොකද මේ විදිහටම කලින් වෙළඳ පොලට නිකුත් උන Galaxy S8, iPhone 7  ගැනත් පල උන ආරංචි ගොඩක් දුරට නිවැරදි උනා.ඉතින් මේ අද කියන්න යන මුල්ම ආරංචිය තමයි අලුත්ම OnePlus 5 phone එක මේ මාසේ 20 (2017 ජුනි 20) release  වෙනවා කියන ආරංචිය. ඉන්දියාවේදී මේ මාසෙම 22 launch වෙනවා කියල තොරතුරක්  අගන්නට ලැබුනත් එය region launch එකක් බවට සිතන්න පුළුවන්.

screen_shot_2017-06-07_at_10_18_13.pngමෙම OnePlus 5 සම්බන්ද ඉතා වැදගත් තොරතුරක් මෙවැනි ආකාරයේ release  වෙන්නට නියමිතව තිබෙන නිෂ්පාදන සම්බන්දයෙන් වැදගත් තොරතුරු කලින්ම තොරතුරු දෙන Evan Blass(twitter @evleaks) tweet එකක් ජනවාරි මාසයේ පල කර තිබුනා.තව්.PNG

සකසනය, RAM, Storage පහසුකම් සහ මෙහෙයුම් පද්ධතිය

මෙහි දැක්වෙන අන්දමට දැනට පවතින latest ම Snapdragon 835 සකසනය මේ සඳහා භාවිත කරනවා.මෑතකදී release වූ Galaxy S8 හිද අන්තර්ගත වන්නේ එම සකසනයම වේ.මෙම තොරතුර බොහෝදුරට නිවැරදි විය හැකි අතර OnePlus හි පෙර නිෂ්පාදන වලත් ඔවුන් කලින් ඇතුලත් කොටා තිබුනේ මෙම Snapdragon හි latestම සකසන මාදිලියයි.ඒවාගේම ram capacity එකද තව දුරටත්  6gb සිට 8gb දක්වා විශාල කර ඇති අතර එය එක් සංස්කරණයක් පමණක් ද, එසේත් නැති නම් සෑම සංස්කරනයටම එක සේ ලබා දෙන පහසුකම්ද යන්න වග තවමත් දැනගන්නට නැත.ඒ වාගේම 128gb දක්වා storage පහසුකම ලබා දෙන බවට ආරංචි මාර්ග ලැබී තියෙනවා.කෙසේ නමුත් micro sd card ඇතුලත් කිරීමේ පහසු කම ලැබෙන බවට නම් කිසිම වාර්තාවක් ඉදිරිපත් වී නැහැ.එසේම මෙය Android nougat 7.1 සහ OnePlus දියුණු කල Oxygen OS skin එක සමග පැමිණේවි.

බැටරිය

බැටරි capacity එක 3400mAh සිට 3600mAh -4000mAh දක්වා වැඩි කර එහි පෙර පවතී dash charging නම් Quick Charging  තාක්ෂනය පෙරට වඩා 25% ක් වේගයෙන්  charge වන සේ වැඩි දියුණු කරන බවට ආරංචි ලැබී තියෙනවා. ඒ  වගේම පෙර පරිදිම OnePlus 5හිද fingerprint scanner එක ඉදිරිපස Home Button එක සමගම ස්ථානගත   කරන බවට තොරතුරු ලැබී තියෙනවා.

කැමරාව  හා තිරය

මෙහි දැනට දැනගන්නට ලැබී ඇති පරිදි interesting ම feature එක ලෙස Dual Camera Unit එකක් මේ සමග පැමිණෙන්නට නියමිතව තිබෙනවා.oneplus_5_prototyoeමෙය මෑතකදී Weibo හි පල වූ post එකක ද මෙහි අතින් ඇඳි sketch එකකද මෙම dual camera setup එක දැක  ගත හැකි උනා.  බොහෝ විට පවසන්නේ megapixel 12ක විභේදනයක් සහිත(සමහර වාර්තා අනුව mp අගයක් සහිත) camera පද්ධතියකින් මෙය පැමිණෙන්නට නියමිතව ඇති බවයි.ඉදිරිපස camera ව සඳහා බොහොඕ විට 8MP  sensor 16MP sensor එකක් අන්ත්ර්ගතවීමට ඉඩ තියෙනවා.ඒ වාගේම OnePlus සමාගම photo competition එකක් සංවිදානය කර OnePlus 5   නිකුත් වෙන්නටත් කලින්ම තෝරාගත් කිහිප දෙනෙකුට OnePlus 5 මගින් ඡායාරූප ගැනීමට ඔවුනට අවස්තාව සලසා දී ඇත.දැනගන්නට ලැබී ඇති පරිදි Oneplus 5 DxO lab සමග අත්වැල් බැඳ තිබෙනවා කැමරාවේ ගුණාත්මකබාවය වැඩිදියුණු කිරීමේ අරමුනින්  යුක්තව.OnePlusහි blog අඩවියක පල වූ අන්දම එය මෙසේ ය.

“We’re happy to announce that we have teamed up with DxO to enhance your photography experience with our upcoming flagship, the OnePlus 5. DxO is perhaps most well-known for creating the defining photography benchmark, the DxOMark. They’ve got years of imaging experience and expertise, both for professional cameras and for smartphones,”

මෙහි අන්තර්ගත වන තිරය පිලිබඳ එතරම් තොරතුරු ලැබී නැති අතර බොහෝ විට එය 1440 x 2560 pixels resolution අගයක් සහිත Optic Amoled නම් තිරයක් අන්තර්ගත වීමට ඉඩ තියෙනවා.

Design එක

OnePlus හි co-founder කෙනෙක් වන  Carl Pei tweet පණිවුඩයක් මගින් විමසා සිටියේ කෙතරම් පිරිසක් නව  OnePlus යේ HeadPhone Jack එක තිබිය යුතුද යන්න ප්‍රකාශ කරන ලෙසයි.එහිදී වැඩි පිරිසක් පවසා ඇත්තේ HeadPhone Jack එක තිබිය යුතු බවයි.එසේ නම් බොහෝ දුර අපට HeadPhone Jack එක OnePlus 5 හිදී ද දැකගන්නට ඉඩ කඩ ලැබේවි.

ද්ෆ්

නව OnePlus 5 හි Design එක පිළිබඳව කථා කිරිමේදී අපට දැනගන්නට ලැබෙන්නේ බොහෝ දුරට සරල නිමාවක් සහිත clean Design එකක් දැක ගන්නට ලැබේවී කියයි.ලෝහමය නිමාවක් සහිතව පෙර OnePlus 3t හි නිමාවට සමාන නිමාවක් සහිතව නව OnePlus 5 SmartPhone එක පැමිණෙයි කියා අපිට විශ්වාස කරන්න පුළුවන්.androidauthority.com මගින් ලබා ගත් OnePlus 5 හි prototype model එකක් පහත දැක්වෙනවා.මෙය prototype එකක් බැවින් අවසන් නිමාව මෙවැනි එකක් වේවි යැයි සහතික කරන්නට අමාරුයි.OnePlus-5-prototype-840x757-22

කෙසේ උනත් නිල නොවන ආරංචි මාර්ග අනුව PhoneArena OnePlus CEO Pete Lauගේ Weibo post එකක් පදනම් කරගෙන වාර්තා කරන්නේ OnePlus 5 ලොව සිහින්ම Flagship Smartphoneඑක වීමට නියමිත බවයි.

මිල!

මෙහි මිල ගණන් පිළිබඳව කතා කිරිමේදී අපට දැනගන්නට ලැබෙන්නේ බොහෝ දුරට මෙය $650  සීමාවේ පවතින්නට ඉඩ කඩ ඇති බවයි. මේ සඳහා බාවිතා කරන hardware කොටස් වල උසස් බාවය නිසා ඔවුනට වැඩි මුදලක් මෙය නිෂ්පාදනය වෙනුවෙන් වැය කිරීමට සිදුවන නිසා OnePlus 5 හි මිල පෙර පැවතී OnePlus 3t ට සාපේක්ෂව $100 කින් පමණ ඉහල යන්නට ඉඩ තියෙනවා.

අන්තිමේදී…

අන්තිමට ඉතින් කියන්න තියෙන්නේ brand එකේ  නම පස්සේ දුවන අපේ රටේ කට්ටියට මේ වගේ products ගැනත් පොඩ්ඩක් හිතල බලන්න කියයි.මොකද අපි මේ වගේ brand ගැන එච්චර අහල නැති වෙන්න හේතුවක් විදියට එයාල advertising, marketing වලට එච්චර මුදලක් වෙන් කරන්න නැති වීම සලකන්න පුළුවන්.එත් specs අතින් ගත්තම කිසිම අඩු පාඩුවක් කියන්න බෑ.මිල බැලුවමත් සැහෙන දුරට අඩු මට්ටමක තමයි තියෙන්නෙත් අනිත් brand වලට සාපේක්ෂව.ඒ නිසා මේ වගේ brand එකක් අපි වගේ රටක අයට ගොඩක් හොඳයි.OnePlus ඇරුනහම Xiaomi, Lenovo වගේ වැඩිය ජනප්‍රිය නැති brand ගත්තත් මිල සෑහෙන අඩු උනාට performance අතින් ගත්තාම නම් සැහෙන ඉහල මට්ටමක තමයි තියෙන්නේ.ඉතින් ආයිත් phone එකක් ගන්න යන කොට මේ වගේ brand  ගැනත් පොඩ්ඩක් හිතුවට කමක් නැහැ.

Dollars funnel.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s