Core i9 ???

පසු ගියේ වසරේ තායිවානයේ තායිපේ අගනුවර පැවැත් වූ  Computex ජාත්‍යන්තර සම්මේලනයේදී cores 10 කින් සමන්විත  සකසනයක්  Intel   සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුවා.මෙය $1700 ක තරම් වූ ඉහල මිලකට නිකුත් කලත් එහි දියුණු multitasking හැකියාව නිසා එවැනි අවශ්‍යතාවන් සහිත අයට මෙය මහත් ඇත වැසිල්ලක් උනා.මෙතෙක් කාලයක් පුරාවට intel  සමාගම විසින් නිකුත් කල core i3, i5 සහ i7 යන  සකසනයන් ලොව පුරා පරිගණක භාවිත කරන්නන්ගේ පැසසුමට පත් උනා.වසර ගණනාවක් තිස්සේ  මෙම සකසනයන් විවිදාකාරයේ තාක්ෂණික දියුණුවීම්ලට ලක් වෙමින් වසරින් වසර generations ලෙස නිකුත්   වුවා.  කෙසේ වූවත් පසු ගිය වසරේ වාර්තා අලුත් කරමින් මෙවර intel සකසන තවත් ප්‍රභල වූවා.

පසුගිය දා (30th May 2017) තායිපේ අගනුවර පැවැත් වූ ,Computex ජාත්‍යන්තර සම්මේලනයේදී cores 18 කින් සහ threads 36 කින් යුත්  සමන්විත  නව සකසනයක්  Intel සමාගම විසින් හඳුන්වා දෙනු ලැබුවා. මේ සමගම ඉන්ටෙල් CORE X පවුලට නව සාමාජිකයෙක් Core i9 ලෙස එකතු  වුවා. ඔවුන් මෙම සකසනය high-end  Gmaes play  කරන්නන්  සහ  Video editing,3D modling  වැනි ඉතා ඉහල සකසන ශක්‍යතාවක් සහිත කටයුතු   කරන්නන් සඳහා නිකුත් කල බවයි intel සමාගම ප්‍රකාශ කලේ.

ඔවුන් නිකුත් කල Core i9 Extreme Edition i9-7980XE සකසනය intel සන්දහාන් කල පරිදිව ප්‍රථම teraflop desktop සකසනය වෙනවා.කෙසේ නමුත් එහි මිල සඳහන් කර ඇත්තේ $1999ක් ලෙසයි.එය මේ වසරේ අග බාගයේදී වෙළඳපොලට නිකුත් කිරීමට සුදානමින් ඔවුන් සිටියි. මෙම Core i9  සකසනය Core 10 සිට 10-Core , 12-Core ,14-Core ,16- Core ආදී වශයෙන් විවිධ versions රැසක් නිකුත් කිරීමට intel සුදානමින් සිටියි. මෙම සෑම සකසනයේම base clock speed  එක ලෙස 3.3GHz, සිට 4.3GHz දක්වා  ප්‍රමාණයක් Turbo Boost 2.0 තාක්ෂනය සමගින් ද 4.5GHz දක්වා Turbo Boost 3.0 තාක්ෂනය සමගින් ද, සවිබල ගැන්වී ඇත.

මෙවැනි අකාරයේ සකසනයේ ඇති core සංක්‍යාව වැඩි වන්නට වැඩි වන්නට එහි ඇති තාප නිකුත් වීමේ ඉඩකඩ වඩාත් ඇති වෙන බව මෙහි නැවතත් කියන්නට අවශ්‍ය නැත. කෙසේ උනත් intel  සමාගම පවසන පරිදි මෙයට විසඳුමක් ලෙස intel  සමාගම ම දියුණු කල  liquid cooling තාක්ෂණයක් සමගි සවිබල ගන්වන බව intel  සමාගම පවසා ඇත.intel ts13x-cooler

කෙසේ නමුත් මෙම සකසනය සමගම තම සුපුරුදු intel  අනෙකුත් core i3, core i5, core i7 සකසන වලද ශක්‍යතාවය ඉහල නංවා ඇත.කෙසේ නමුත් cores 10ක් පමණක් සහිත core i9-7900X සකසනය  $999 සිට මිලක් නියම කර වෙළඳ පොලට නිකුත් කිරීමට Intel සමාගම සුදානිමින් සිටියි.

intel-x9-speeds-and-feeds-updated-100724042-orig

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s