තිර!

s3-news-tmp-980-sony4k--2x1--806

ස්මාර්ට් ෆෝන් එක අද වන විට අපෙගේ අත්‍යාවශ්‍ය උපකරණයක් වෙලා ඉවරයි.ලොකු කුඩා හැමගේම අත කුමන හෝ අන්දමේ ස්මාර්ට් දුරකතනයක් දක්නට ලැබීම ගොඩක් සුලභ දසුනක්.අප හැමෝම දුරකතනයක් මිලදී ගන්න විට සැලකිලිමත් වෙන එක දෙයක්  තමයි එකේ Display  එක මොන වගේ එකක් ද කියන එක ගැන. Phone  එකේ මේ Display  එක එක අකාරයෙන් අපිට  Categorize  කරන්න පුළුවන්.size එක අනුව,Resolution එක අනුව, භාවිතා කරන තාක්ෂනය අනුව ආදී වශයෙන් අපිට මේක categorize  කරන්න පුළුවන්.

Size කියන  category එක ගොඩක්  සාමාන්‍ය එකක් බවට පත් වෙලා තියෙනවා.මේක ගැන අපිට කතා කරන්න ගොඩක් වැදගත් දෙයක් නැති උනත් ගොඩක් දෙනා අද වන විට අඟල් 5 කට වඩා වැඩි ජංගම දුරකථන භාවිතයට පෙළඹී තියෙනවා.screen sizesමීට ප්‍රධාන හේතුවක් ලෙස  Smart phone manufacture කරන සමාගම් ගොඩක් වෙලාවට Phablet වර්ගයේ දුරකථන සඳහා වැඩි නැබුරුතාවක් දැක්වීම දක්වන්නට පුළුවන්.ආරම්භයේ පටන් අතට ගැලපෙන ලෙස ජංගම දුරකථන නිර්මාණය කල  Apple  වැනි සමාගම් වලට පවා මෙම නැඹුරුතාව නිසාම තම සම්ප්‍රදායන් වෙනස් කරමින් මෙම  Phablet වර්ගයේ දුරකථන නිර්මාණය කිරිමට සිදු වුනා.මේ නිසාම අඟල් 5 කට වඩා අඩු Display එකක් සහිත දුරකතනයක් වෙළඳපොලේ සොයා ගැනීම ඉතාමත් අපහසුයි.

Resolution  එක කියන සාධකය අද වන විට ඉතාමත් වැදගත් තැනක තියා සලකන එකක්.අද වන විට Virtual Reality ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන නිසා Mobile Phone Manufacturers ලා ගොඩක් වෙලාවට Resolution  එකෙන් ඉතා ඉහළ ජංගම දුරකථන නිෂ්පාදනයට පෙලඹී තියෙනවා.අද ගොඩක් වෙළඳ පොලේ දක්නට ලැබෙන්නේ 720P (1280×720) හෝ ඊට ඉහල Resolution  එකක් සහිත දුරකතනයි.ප්‍රධාන වශයෙන්

720P (1280 x 720)

1080P(1920 x 1080)

QHD(2560 x 1440)

4K( 3840 x 2160) යන Resolution වලින් ප්‍රධාන වශයෙන් නුතන ජංගම දුරකථන දැක ගත හැකියි.මෙතරම් මේ අකාරයෙන්  Resolution  එක දුරකථන  Display  වලට අන්තර් ගත කිරිමට  එම Manufacturer ලා උනන්දු  Virtual Reality තාක්ෂනය ජනප්‍රිය කිරීමට උත්සාහ කිරිම නිසයි. කෙසේ වෙතත් මෙතරම් ඉහළ විභේදන අගයක් සහිත තිරයක් මිනිස් ඇසට සංවේදී නැහැ.මේවායේ පෙන්වන රුඋප වල යම් කිසි වෙනසක් හඳුනා ගැනීමට ඇසට ලං කර යුතුයි.මේ නිසා ඔබ Smart Phone එකක් ඔබ මිල දී ගැනීමට  සොයන කෙනෙක් නම් බොහෝ දුරට 1080P  වැනි විභේදනයක් සහිත දුරකතනයක් වෙනත් විශේෂ අවශ්‍යතාවක් නැත්තම් ප්‍රමාණවත් වේ.බොහෝ විට මෙවැනි ඉහල විභේදනයක් සහිත දුරකතනයක් සඳහා ඉතා ඉහල බැටරි ධාරිතාවක් වයෙවෙන බැවින්,එකී පහසුකම් සහිත දුරකතනයක් වුඋවද යෝජනා කරන්නේ අත්‍යවශ්‍යම අවශ්‍යතාවක් නොවේ නම් , එම පහසුකම ක්‍රියාවිරහිත කර පවත්නා ලෙසයි.

මේ වර්ගීකරණයේ වැදගත්ම කොටස ලෙස වර්ගීකරණය කල හැක්කේ භාවිතා කරන තාක්ෂනය අනුව කරන smart phone Display  වර්ගීකරණයයි.මෙම වර්ගීකරනය බොහෝ විට smart phone Display  පමණක් නොව සියලුම ආකාරයේ Display වලටද   අදාළ විය හැක.

Display comparison

අද භාවිත වන තාක්ෂනයන් අනුව ප්‍රධාන වශයෙන් Smart Phone Display වර්ග කිහිපයකට බෙදා දැක්විය හැක.මීට අමතරව වෙනත්  Display  වර්ග ද ඉතා සුළු වශයෙන් දැක ගත හැක.

1. LCD (Liquid Crystal Display)

– TFT LCD(thin-film transistor)

– IPS-LCD(In-plane Switching)

2. OLED SCREEN

 – AMOLED (Active Matrix Organic Light Emitting Diode)

                                                                                 

LCD තිර අතුරින් අද වන විට බොහෝ ජනප්‍රිය වී ඇත්තේ  IPS Displays  වේ. TFT Dispaly  වලට වඩා බැටරි ධාරිතාවෙන් අඩු වීමත්, Viewing Angle එක අතරින් ඉහල වීමත් මීට හේතුන් ලෙස දැක්විය හැක. Resolution  එකෙන් ඉහල බව, මිල අඩු බව ,බැටරි බලය පරිභෝජනය අඩු බව මෙම තිරය තෝරා ගැනීමට බොහෝ දුරට හේතු වී තිබෙනවා.බොහෝ දුරට හෙඅතු වී තිබෙනවා.කෙසේ නමුත් බොහෝ විට මිල අඩු හෝ mid range Devices තමයි මෙවැනි IPS Displays භාවිතා කරන්නේ.මේ සඳහාLCD vs IPS Resolution එකෙන් සහ බැටරි පරිභෝජනයෙන් ඉතා අඩු OLED Display භාවිතා කිරිඉම සඳහා බොහොමයක් සමාගම් යොමු වී තිබෙනවා.එම නිසා බොහෝ විට තමන්ගේ Flagship Devices සඳහා භාවිතා කරන්නේ එවැනි  OLED තිර යි. Apple  සමාගම පවා මෑතක් වෙන තුරු තමන්ගේ Iphone  නිෂ්පාදනය සඳහා භාවිතා කරන්නේ Retina HD Display  සඳහා ද භාවිත කරන්නේමෙම  IPS තාක්ෂනයයි.මේවායේ ඇති අවාසි ලෙස කළු පැහැය පෙන්වීමේදී අළු පැහැයට හුරු ආකාරයෙකින් පෙන්වීමත්, Image Quality එක තරමක් අවම වීමත් දැක්විය හැක.

OLED Display අද වන විට ඉතාමත් ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා.වසර 10ක් තිස්සේ තම නිෂ්පාදන සඳහා Retina  නම් IPS වර්ගයේ තිර යොදා ගත් Apple  සමාගම පාවා ඔවුන්ගේ මී ළඟ Iphone  නිර්මාණය සඳහා OLED තිර යොදා ගන්නා බවයි දැනට ආරංචි වී ඇත්තේ.

  • මෙම  OLED  අතරිනුත් බොහෝ ජනප්‍රිය වී ඇත්තේ  AMOLED තිර යි. මීට හේතු වී ඇති ප්‍රධානම කරුණු නම්,
  • වඩා සිහින් සහ flexible බව
  • වේගවත්  Refresh Rate  එකක් සහිත වීම.
  • Display  එකේ  ප්‍රමාණය සඳහා සීමාවක් නොමැති වීම.
  • ඉහල දීප්තිමත් බාවය
  • විදුලි පරිභෝජනය ඉතා අවම වීම සහ අඳුරු පැහැයන් පෙන්වීමේදී එය තවත් ඉහල වීම.

මෙහි දක්නට ලැබෙන සුවිශේෂීම කරුණ නම් කළු පැහැය පෙන්වීමේදී විදුලිය වැය වීමක් නොවීමයි.මන්දයත් කළු පැහැය පෙන්වීම සඳහා මෙම තිරයට කල යුත්තේ එම අදාළ ප්‍රදේශයේ පමණක් pixel  නිවා දැමීමයි.මෙය Smart phone  එකක් භාවිතයේදී ඉතා වැදගත් වන්නේ සාමන්යෙන් ජංගම දුරකතනයක ඉහලම විදුලි පරිභෝජන අගයක් පෙන්වන්නේ එහි තිරය වීම නිසයි.මෙම තිරය භාවිතා කිරිඉම මගින් බැටරි කාලය ඉතා සැලකිය යුතු අගයකින් ඉහල නංවා ගත හැක.

ආරම්භයේ පටන් සියලුම Samsung Galaxy Devices ද, oneplus ,LG වැනි සමාගම් අද වන විට මෙම තාක්ෂනය තමන්ගේ සියලුම Smart Phone  නිෂ්පාදන සඳහා යොදා ගනියි.විශේෂයෙන් Samsung සමාගම  Super Amoled නමින් තමන්ගේම trademark  එකක්ද නිර්මාණය කරගෙන එම තාක්ෂනය භාවිත කරයි.OnePlus  සමාගම Optic Amoled ආදී වශයෙන්ද තමන්ගේ දුරකථන සඳහා Displays  නිර්මාණය කර ඇත.කෙසේ වුවත් මේවා අතරේ විශාල වෙනසක් දැක ගත නොහැකි තරම්ය. කෙසේ නමුත් මෙම තීරයන් වල අවාසි සහගත තත්වයන් ලෙස දීප්තිමත් පාට පෙන්වීමේදී විදුලි පරිභෝජනය වැඩි වීමත්,මෙම තාක්ෂණයේදී BackLight  එකක් භාවිතා නොකරන බැවින් හිරු ආලෝකයේදී තිරයේ ඇති දේ නොපෙනී යාමට ඉඩ තිබීමත් ගත හැක.

amoled display

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s