Dark Web සහ Deep Web

 

මේ නම් අසුන සැනින් ඔබට කුමන ආකාරයේ පැමිණේද? සමහර විටෙක ඔබ දැනටමත් දන්නවා වෙන්න පුළුවන්.නොදන්නවා නම් තරමක් නුහුරු ගතියක් දැනේවි.ඇත්තටම එහෙම දෙයක් තියෙනවද? තියෙනවා නම් ඒ කොහෙද අපිට පාවිච්චි කරන්න බැරිද වශයෙන් ඔබේ හිතට දහසකුත් එකක් ප්‍රශ්න පැමිණෙන්නට ඇත.ඉතින් අද අපි කතා කරමු Dark Web සහ Deep Web  ගැන.Deep-Web-Dark-Web-differences

මෙම මාතෘකාව තරමක් සංකීර්ණ මාතෘකාවක් උනත් පුළුවන් තරම් කෙටියෙන් මේ පිළිබඳව අදහසක් ලබා ගන්න උත්සාහ කරමු.
අපි දන්නවා අපි මොනවා හරි දන්න නැති දෙයක් දැනගන්න මුලින්ම කරන්නේ ඒක google කරන එක.හැබැයි google  වලින් internet  තියෙන හැම දේකම result පෙන්නනවද?උත්තරේ තමයි නැහැ  කියන ඒක.ඇත්තටම google වලින් වගේම අනිකුත් ඔබ දන්නා search engine  වලින් පෙන්නන්නේ internet එකේ තියෙන තොරතුරු වලින් 4%ක් පමණ ප්‍රමාණයක් විතරයි.එහෙනම් කොහෙද මේ ඉතිරි 96% තියෙන්නේ?

මේ ඉතිරි ප්‍රමාණය තමයි Dark Web සහ Deep Web වලට අයිති වෙන්නේ.
ඉතින් මේකෙන් deep Web කියල කියන්නේ internet  එකේ තොරතුරු වලින් වැඩිම ප්‍රමාණයක් අයිති වෙන කොටස.ඔයාලගේ Cloud data,Personnel data,Databases,Medical Records,ආයතන වල ආයතන ගත තොරතුරු,මේ හැම දෙයක්ම අයිති වෙන්නේ මේ Deep Web වලට තමයි.ඔබගේ Personnel Cloud එකේ ඇති පෞද්ගලික තොරතුරු  කවදාවත් search engine එකකින් පෙන්නන්නේ නැත්තේ මේ හින්ද තමයි.ඉතින් ඔබට තේරෙනවා ඇති මේ Deep web  කියල හඳුන්වන කොටස කෙතරම් විශාලද කියල.

ඉතින් මොකක්ද එහෙනම් මේ Dark Web කියල කියන්නේ.මේ Dar Web ඒක surf  කරන්න ඔබට සාමාන්‍ය web browser එකකින් බැහැ.ඔබට ඊට අවශ්‍ය වෙනවා විශේෂිත වෙබ් Browser එකක්.Tor Browser කියල කියන්නේඒ වගේ තියෙන එක බ්‍රොව්සෙර් එකක්. https://www.torproject.org/projects/torbrowser.html.en කියන url එකෙන් ඔබටත් පුළුවන් මේ Browser ඒක download  කරන්න. ඔබ දන්නවා google එකේ මොනවා හරි දෙයක් search කලොත් අපි Web Site එකකට ගියත් අපි අර කලින් search කල මොකක් හරි දේ ගැන තියෙන Advertisement එකක් පෙන්නනවා කියල.මේක ගැන ඔබ එතරම් සිතන්නේ නැති උනත් මෙතන කරලා තියෙන්නේ ඇත්තටම ඔබව කුමක් හෝ සමාගමකට Google ඒක විසින් විකිණීමක්.

“if something is free you’re the product”

ඉතින් දැන් ඔබට තේරෙනව ඇති Google ඒක ඇත්තටම free නැහැ කියල.මෙහෙම වෙන්නේ ඔබේ Ip Address ඒක ට්‍රැක් කිරිම මගිනුයි.ඉතින් මන් කලින් කිව්වා Tor Browser  එකෙන් පුළුවන් ඒක මග ඇරල යන්න.ඒක වෙන්නේ ඔබ මොකක් හරි web site එකකට කරපු reqest ඒක කෙලින්ම destination එකට යවන්නේ නැතිව , tor network (නැත්තම් අපි කියනවා onion network ඒක කියල.ඒකට හේතුව තමයි මේ නෙට්වොර්ක් එකෙන් data ආරක්ෂා කරන්නේ (encrypyt සහ decrypt කරන්නේ)ලූණු ගෙඩියක තියෙන විදියට layer එකෙන් layer එක)එකේ තියෙන වෙනත් server කිහිපයකට හුවමාරු කිරිඉමෙන් පසු යැවීමයි.Tor Networkමේක නිසා ඇත්තටම කාටවත් ඔබව හඳුනාගන්න ලැබෙන්නේ නැහැ.ඒ කියන්නේ ඔබේ Identity ඒක hide කිරීමකට ලක් කරලා තියෙනවා.මේ servers ලෝකේ රටවල් කිහිපයක උනත් තියෙන්න පුළුවන්.

ඉතින් මේ ක්‍රමයේදී කාගේවත් Identity ඒක හොයාගන්න වෙන්නේ නැති නිසා ගොඩක් නීති විරෝධී දේවල් රැසක් මෙහිදී නිර්මාණය වෙලා තියෙනවා.ගොඩක්ඔ ලොකු Black Market එකක් මෙහිදී ඇති වෙලා තියෙනවා.  කෙනෙක්ව ඝාතනය කරන්න ඕනේද? පහසු මිලට මත්ද්‍රව්‍ය අපෙන් ලබා ගන්න වගේ advertisement  මෙහෙදී බොහොම සාමාන්‍ය දෙයක්.එවැනි දැන්වීම් කිහිපයකි පහත ඇත්තේ.මෙවැනි සේවාවන් ලබා දීම සඳහා අය කරන්නේ Bit-Coin  මගින් වන නිසා Identity එක  කවදාවත් හොයාගන්න වෙන්නේ නැහැ.

 

This slideshow requires JavaScript.

මෑත කාලිනව මේ dark වෙබ් ඒක සුර්ෆ් කරන යේ ගොඩක් වැඩි වෙලා තියෙනවා.ඉතින් විශ්ලේෂකයෝ අදහස් ප්‍රකාශ කරන ආකාරයට Dark Web , mainstream  ගණයට වැටෙන දවස වැඩි ඈතක නෙමෙයි.ඒ නිසා තමයි FaceBook වගේ  Mainstream Web site එහෙමත් මේ Dark Web එකේ එයාලගෙම Edition එකකුත් තියෙන්නේ.   https://facebookcorewwwi.onion   මේ link ඒක Tor Browser  එකක් use කරලා ගියොත් ඔයාලටත් මේ site එකට යන්න පුළුවන්. මේ පිළිබඳව වැඩි දුරටත් විස්තර මෙහි තියෙන Ted Talk එක ඇසීම මගින් දැනගන්නටත් පුළුවන්.

ඉතින් මේ පිළිබඳව ඔබ දන්නා විස්තරත් පහලින්  comment කරන්න. මීළඟ ලිපියෙන් නැවත හමු වෙමු.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s